Home » වසර අව­සා­න­යට පෙර දන්වන්න
වතු කම්කරු වැටුප් වැඩි වීම

වසර අව­සා­න­යට පෙර දන්වන්න

ජන­ප­ති­ගෙන් වැවිලි ලොක්කන්ට උප­දෙස්

by Gayan Abeykoon
December 9, 2023 1:26 am 0 comment

ශිරෝමි අබයසිංහ

තු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රු. 1,700ක මුදල දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව දෙසැම්බර් මස 31 දාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි සමාගම් ප්‍රධානීන් සමඟ ඊයේ (8) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මේ සාකච්ඡාව කැඳවා තිබිණි.

වතු කම්කරු ප්‍රජාවට ඉඩම් අයිතිය දීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය. ඒ පිළීබඳ ඉදිරි කටයුතු සඳහා කමිටු පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එක් කමිටුවක් පත් කිරීමටත්, වතු කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් යෝජනා විය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා කම්කරු ඇමැති මනූෂ නානායක්කාර, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT