Saturday, May 10, 2025
Home » වැස්සේ වාසිය විදුලි බිලෙන් ජන­තා­වට

වැස්සේ වාසිය විදුලි බිලෙන් ජන­තා­වට

by Gayan Abeykoon
December 9, 2023 1:22 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

ර්ෂාව සමඟ විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය සැලකිල්ලට ගනිමින් විදුලි බිලට ලබන මාසයේදී සංශෝධනයක් ගෙන එන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) පැවසීය. නව විදුලි පනත සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රකාශයක් සිදු කරන බවද ඔහු සඳහන් කළේය. ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවසීය: විදුලි පනත ගැන අද මෙතනදි කතා වුණා. මේ විදුලි බල පනත හදන්න අවුරුද්දක් තිස්සේ කමිටු පිහිටවලා කටයුතු කළා.

මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන කරුණු පැහැදිලි කළා. මෙය කොළේ වහලා හංගලා කරන කටයුත්තක් නොවෙයි.

විදුලි බිල අප්‍රේල් මාසයේ සංශෝධනය වෙන්න තිබිච්ච එක වර්ෂාව සමඟ විදුලි බල මණ්ඩලයට ලැබිච්ච වාසිය සැලකිල්ලට ගෙන ජනවාරි මාසයේදී සංශෝධනයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ මේ ගැන සාකච්ඡාවක් තියෙනවා. විපක්ෂයේ ඔබතුමාලගේ දැනුම තියෙන අය ඒකට සම්බන්ධ කරන්න. එතනදි ඔබලාගේ අදහස දෙන්න. ඊට පස්සේ අපිට ඒ සංශෝධනය ජනවාරි මාසයේදී සිද්ධ කරන්න පුළුවන්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT