Saturday, May 10, 2025
Home » උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරුවීම්

උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරුවීම්

by chanaka
December 9, 2023 4:00 pm 0 comment

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඒ අනුව රත්නපුර දිසාව භාරව සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණාරත්න මහතා ඌව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු වීම් සිදුකර ඇත.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර් විජේසිංහ මහතා කේෂේත්‍ර බළකා මූලස්ථානයටත් කේෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි ඩී.පී චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද මාරු කර යවා තිබේ.

එමෙන්ම බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා විශේෂ ආරක්ෂක දිසාව භාරවත් නාවික හා සංචාරක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.සී වෙදමුල්ල මහතා කුරුණෑගල දිසාව භාරවත් පත්කර යවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු රැසකට ද ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT