417
උතුර දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මහව සිට අනුරාධපුර දක්වා මාර්ග කොටස නවීකරණය කිරීම වෙනුවෙන් එම දුම්රිය මාර්ගය ලබන ජනවාරි මස 7 වැනිදා සිට මාස 06 ක කාලයකට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම කාලය තුළ කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා පමණක් දෙපසට දුම්රිය ධාවනය වන බවයි.
ඒ අනුව ජනවාරි 07වැනිදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට මහව දක්වාත් කන්කසන්තුරේ සිට අනුරාධපුරය දක්වා පමණක් සිදු කෙරෙනු ඇත.