Home » ජෝන් කීල්ස් සමූහයේ Start – Up – Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව සාර්ථක ලෙස නිමයි

ජෝන් කීල්ස් සමූහයේ Start – Up – Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව සාර්ථක ලෙස නිමයි

by Gayan Abeykoon
December 9, 2023 1:28 am 0 comment

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මඟින් ක්‍රියාවට නංවනු ලබන Start – Up – Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව 2023 නොවැම්බර් 28 දින සාර්ථක ලෙස පැවැත්විණි. Start – Up – Cycle යනු Plasticcycle විසින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නවක ව්‍යාපාර දිරිගැන්වීමේ අංශය වන John Keells X සහ එම සමූහයේ පර්යේෂණ හා සංවර්ධන අංශය වන John Keells Research සමඟ එක්ව ක්‍රියාවට නංවන ලද අභියෝගතා පදනමකි. නව්‍ය, ප්‍රායෝගික හා දීර්ඝකාලීන විසඳුම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධ අභියෝග ජයගැනීම සඳහා මෙරට ව්‍යවසායකයන් සහ නවෝත්පාදකයන් දිරිගැන්වීම එහි මූලික අරමුණු වේ.

2023 සැප්තැම්බර් මාසය වන විට මෙම වැඩසටහනට අයදුම්පත් 100කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණු අතර, ඒ අනුව ජෝන් කීල්ස් සමූහයේ සංචාරක සේවා, පාරිභෝගික ආහාරපාන සහ පාරිභෝගික වෙ‍ෙළඳාම් යන අංශවල ව්‍යාපාර අතරින් මෙම වැඩසටහනට දායක වන විසඳුම් සම්පාදකයන් සහ ප්‍රශ්න ප්‍රකාශ හිමියන් එක් වී Open Day වැඩසටහනක් සංවිධානය කරන ලදි.

2023 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වී සති 6ක කාලයක් පුරා පැවති මෙම වැඩසටහන තුළදී ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයන් සමඟ සමීපව කටයුතු කරමින්, අවම ශක්‍යතා නිෂ්පාදන (Minimum Viable Products – MVP), බුද්ධිමය දේපළ, මූල්‍ය කළමනාකරණය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන් ආදිය සම්බන්ධයෙන් තම දැනුම පුළුල් කරගැනීමට අයදුම්කරුවන්ට අවස්ථාව උදා විය.

“ජෝන් කීල්ස් සමූහය Plasticcycle වැඩසටහන දියත් කළේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය මැඩලීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීමේ අරමුණ ඇතිවයි. ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් ඇතිකරගනිමින් මෙරට තුළ එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, වගකීම්සහගත ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා අත්වැලක් වීම සහ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් හා නවෝත්පාදන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම යන මූලික අරමුණු කෙරෙහි Plasticcycle ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරනවා. මේ වන විට මෙය අප සමූහයෙන් ඔබ්බට විහිදෙමින්, අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තයේ චක්‍රීය ආර්ථිකයේ අනිවාර්ය අංගයක් බවට පත්ව තිබීම සතුටට කරුණක්. වඩාත් පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය හොඳම විසඳුම් හඳුනාගැනීමට අප නිරන්තරයෙන් කැප වී සිටිනවා.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සංචාරක සේවා අංශයේ සහ සමාජ ව්‍යවසායකත්ව කටයුතු සම්බන්ධ සභාපති සුරේෂ් රාජේන්ද්‍ර මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x