Saturday, May 10, 2025
Home » සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමඟ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ගිවිසුම් ගත වේ

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමඟ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ගිවිසුම් ගත වේ

by Gayan Abeykoon
December 9, 2023 1:00 am 0 comment

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ආරක්ෂාව උදෙසා දිවයිනේ ජීවිත රක්ෂණ සමාගම් අතර ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම විසින් ‘සමූහ ජීවිත රක්ෂණ’ සැලැස්මක් හඳුන්වා දුන් අතර වර්තමානයේදී පෞද්ගලික අංශය ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා, මණ්ඩලවල සේවය කරන විසි එක් දහසකට අධික සේවකයන් ප්‍රමාණයක් මෙම සැලසුම ලබා ගෙන ඇත. එහි තවත් එක් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ඉහළ සේවක සාමාජිකත්වයක් සහිත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ද තම සාමාජිකයන් තිස්දහසක් වෙනුවෙන් සණස සමූහ ජීවිත රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත විය. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT