කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ප්‍රාථමික අංශයේ සිසු දරු දැරියන්ගේ විශේෂාංග ඇතුළත් ” ” අනද සතර සල් රූ සිරි 2023 ” ප්‍රසංගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි . වසර 133 කට පැරණි ඉතිහාසයකට උරුමකම් ඇති කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විවිධ හැකියාවන් ඇති දරුවන් බිහි කරමින් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන්ද ඉහළ ප්‍රතිඵල පෙන්වූ පාසලකි.
මෙහිදී විදුහල්පති ප්‍රියශාන්ත මද්දුමරාළ මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කළ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රධාන සමරු දේශනය පැවැත්විය.
එහිදී විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ ගායනයෙන් , වාදනයෙන් , නර්තනයෙන් හා ගුරුවරියන්ගේ රංගනයකින් ද ප්‍රසංගය වර්ණවත් වී තිබුණි .