Saturday, May 10, 2025
Home » අමෙ­රි­කාවේ ජන­පති පුත්‍ර­යාට බදු පැහැර හැරීමේ නඩු­වක්

අමෙ­රි­කාවේ ජන­පති පුත්‍ර­යාට බදු පැහැර හැරීමේ නඩු­වක්

වර­ද­කරු වුව­හොත් වසර 17ක සිරදඬු­වම්

by Gayan Abeykoon
December 9, 2023 1:28 am 0 comment

අමෙරිකාවේ ජනාධිපති පුත්‍රයා වන හන්ටර් බයිඩ්න්ට දෙවැනි වරටත් නඩු පවරා ඇතැයි වාර්තා වේ. එම නඩුව පවරා ඇත්තේ වසර 2016 සිට 2019 දක්වා කාලය ඇතුළත ෆෙඩරල් බදුවලින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සැලසුම් සහගතව එම බදු පැහැර හැරීම සිදු කර ඇතැයි හන්ටර් බයිඩ්න්ට චෝදනා එල්ල වී ඇති අතර, ව්‍යාජ බදු වාර්තා සහ වරිපනම් මග හැරීම ද එම චෝදනා අතර ඇතැයි වාර්තා වේ. 53 හැවිරිදි හන්ටර් බයිඩ්න්ට මීට පෙර පසුගිය සැප්තැම්බර් මාසයේදී ගිනි අවි චෝදනා යටතේ නඩු පවරා තිබිණි.

බදු නඩුවෙන් ඔහු වැරදිකරු වුවහොත් වසර 17ක සිර දඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT