Home » ඉන්දු පැසි­ෆික් සයුරේ චීන සබ්මැ­රීන් හඳුනා ගැනී­මට ඔස්ට්‍රේ­ලි­යාව කෘත්‍රිම බුද්ධිය භාවිත කරයි

ඉන්දු පැසි­ෆික් සයුරේ චීන සබ්මැ­රීන් හඳුනා ගැනී­මට ඔස්ට්‍රේ­ලි­යාව කෘත්‍රිම බුද්ධිය භාවිත කරයි

by Gayan Abeykoon
December 9, 2023 1:22 am 0 comment

බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව සමඟ එක්ව බිහිකළ ඕකස් මිත්‍ර සන්ධානයේ නව සැලසුමකට අනුව ඉන්දු පැසිෆික් සයුරේ චීන සබ්මැරීන් හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමට තීරණය කර ඇතැයි ඔස්ට්‍රේලියානු ආරක්ෂක ඇමැති රිචඩ් මාල්ස් ප්‍රකාශ කර තිබේ. ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මීට වසර තුනකට පෙර ආරම්භ කළ එම සන්ධානය ඉදිරියේදී නව තාක්ෂණය යොදා ගනිමින් එම කටයුතු සිදු කිරීමට නියමිත බව එංගලන්තයේදි ගාඩියන් පුවත් සේවය වාර්තා කළේය.

කෘත්‍රිම බුද්ධිය, ඩ්‍රෝන යානා සහ ගැඹුරු මුහුදේ අභ්‍යවකාශ රේඩාර්

කෘත්‍රිම බුද්ධිය, ඩ්‍රෝන යානා සහ සියුම් අභ්‍යවකාශ රේඩාර් භාවිත කරමින් ඉන්දු පැසිෆික් සාගරයේ චීන සබ්මැරින ආක්‍රමණශීලීත්වයට එරෙහිව කටයුතු කිරීමට තීරණය වී ඇතැයි ඔස්ට්‍රේලියානු ආරක්ෂක ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැති රැස්වීමකින් පසු ඔස්ට්‍රේලියානු ආරක්ෂක ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර, ඊට හේතු වී ඇත්තේ පසුගියදා ජපාන මුහුදේදී ඔස්ට්‍රේලියානු කිමිදුම්කරුවන් ඉලක්ක කරමින් චීන නෞකාවක් මාරක විදුලි තරංග මුදා හැරිම බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT