Saturday, May 10, 2025
Home » පොකාරා ගුව­න්තො­ටු­පොළ අසා­ර්ථක වෙද්දී සංස්කෘ­තික සබ­ඳතා ශක්ති­මත් කරන්න චීන­යෙන් නේපා­ල­යට ක්‍රීඩා තරග

පොකාරා ගුව­න්තො­ටු­පොළ අසා­ර්ථක වෙද්දී සංස්කෘ­තික සබ­ඳතා ශක්ති­මත් කරන්න චීන­යෙන් නේපා­ල­යට ක්‍රීඩා තරග

by Gayan Abeykoon
December 9, 2023 1:15 am 0 comment

චීන ආධාර මත ඉදි කළ නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදු නොවීමෙන් අසාර්ථක වී ඇතැයි ද, ඒ සඳහා චීනයෙන් අධික ලෙස ණය ලබාගැනීම සම්බන්ධ එරට දූෂණ විරෝධී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පරීක්ෂණය ක්‍රියාත්මක වෙද්දී දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට චීනය යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් ඔබ්බට ගිය ක්‍රියාකාරකම් සිදු කරමින් සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ මේ තත්ත්වය මත නේපාලයේ සුන්දර නගරයක් ලෙස ප්‍රකට පොකාරා නුවර ආර්ථික බලපෑම් සිදුවීමේ අවදානමක් මතු වී ඇතැයි වාර්තා වන බවය.

මෑතකදී චීනයේ අනුග්‍රහයෙන් පොකාරා නුවර ජාත්‍යන්තර කඳු තරණය කිරීමේ තරගයක් පවත්වා ඇති අතර, ඒ සඳහා සහභාගි වීමට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් එහි පැමිණි බව ද වාර්තා වේ. ධාවන තරග, පාපැදි තරග සහ බෝට්ටු පැදීමේ තරග ඇතුළු තුන්ප්‍රයාම ඉසව්වක් ලෙස කිලෝමීටර් 40ක දුරක් ආවරණය කරමින් පැවැති එම තරගය ක්‍රීඩාශීලීත්වය පෝෂණය කිරීමේ අරමුණින් සංවිධාන කර ඇතැයි ද වාර්තා වේ.

කණ්ඩායම් තරග සහ තනි තරග ලෙස පවත්වා ඇති කඳු තරණය කිරීමේ තරගය කත්මණ්ඩු නුවර චීන තානාපති කාර්යාලය, පොකාරා මෙට්‍රෝපොලිටන් සිටි සහ නේපාල සංචාරක මණ්ඩලය එක්ව සංවිධාන කර ඇතැයි ද,

එහි ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් පිරිනමා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ තරගයට සහභාගි වීමට චීනයේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ අමුත්තන් 104 දෙනකු නේපාලයට පැමිණි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT