Home » ගාසා සටන් විරාම යෝජනාව නිශේධ බලයෙන් අමෙරිකාව පරාජය කරයි

ගාසා සටන් විරාම යෝජනාව නිශේධ බලයෙන් අමෙරිකාව පරාජය කරයි

by chanaka
December 9, 2023 9:15 pm 0 comment

ගාසා තීරයට වහාම මානුෂීය සටන් විරාමයන් ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව අමෙරිකාව විසින් සිය නිශේධ බලය යොදා පරාජය කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල සාමාජිකයින් 15දෙනෙකුගෙක් සමන්විත අතර 13 දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දුන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම එක්සත් රාජධානිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිට ඇත.

අමෙරිකාව සටන් විරාමයක් සදහාවන ජාත්‍යන්තර ඉල්ලීම්වලට මීට පෙර අවස්ථාවලදී ද විරුද්ධ විය.

සටන් විරාමයක් මෙවර ඉදිරිපත් කර ඇති යොජනාව අසමතුලිත සහ යථාර්තවාදී නොවන බව අමෙරිකාව සදහන් කරයි.

මේ අතර අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ඊශ්‍රාලයෙන් ඉල්ලා ඇත්තේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සදහා වැඩි යමක් කරන ලෙසයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT