Home » පුටින් 05වැනි වරටත් ජනපති සටනට එන බව කියයි

පුටින් 05වැනි වරටත් ජනපති සටනට එන බව කියයි

by chanaka
December 9, 2023 9:28 pm 0 comment

රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් එරට 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි. ඒ අනුව ඔහු ජනාධිපති ධුරයට මෙවර තරඟ වදින්නේ 05වැනි වරටය.

71 හැවිරිදි ජනාධිපති පුටින්, 2024 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන බව නිවේදනය කළේ යුක්‍රේනයට එරෙහිව සටන් වදින සිය හමුදා සොල්දාදුවන් සදහා ඊයේ පැවැති සම්මාන උත්සවයකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

200 වසරේ දී රුසියානු ජනාධිපති ධුරයට පත්ව වසර 08ක අග්‍රාමාත්‍ය නිල ධුර කාලයක් සමගින් මේ දක්වා වසර 24ක කාලයක් රුසියාවේ නායකත්වය හොඹවන ජනාධිපති පුටින්, ජෝසෆ් ස්ටාලින්ට පසුව දීර්ඝතම කාලයක් රුසියාව පාලනය කරන නායකයා ලෙසට වාර්තා අතරට එක්වේ.

2024 රුසියානු ජානාධිපතිවරණය ලබන වසරේ මාර්තු 15 සහ 17 අතර දිනක පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT