හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි ඩිෆෙන්ඩර් නඩු විභාගය පෙබරවාරි 05දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ පෙරේදා (07) නියම කළේය.
මීළඟ නඩු දිනයේදී අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා පැමිණිල්ලේ 8,24,26,28 වැනි සාක්ෂිකරුවන්ට අවවාද සහ 34 වැනි සාක්ෂිකරුට සිතාසි නිකුත් කළේය.
2015 වසරේ දෙසැම්බර් 21දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා වද හිංසා කළ බවට නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව මේ නඩුව පවරා ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 113, 102 සහ 356 වගන්ති යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා 24ක් යටතේ 2016 වසරේ ජූලි 25දා නඩු පවරන ලදී. මේ චෝදනා එල්ල වී තිබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් හත්දෙනකු මුලින් අධිකරණය හමුවේ වරද පිළිගත් බැවින් ඔවුන්ට එරෙහිව අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කෙරිණ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.