Saturday, May 10, 2025
Home » අයිස් සහ තියුණු ආයු­ධ­යක් එක්ක අයෙක් මාට්ටු

අයිස් සහ තියුණු ආයු­ධ­යක් එක්ක අයෙක් මාට්ටු

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

කිසියම් අපරාධයකට සූදානමින් සිටි පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (07) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ, අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර ඇත.

මේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 940ක් සහ මන්නා පිහියක් සන්තකයේ තබාගෙන සිටියදීය. අවුරුදු 20ක් වයසැති සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි, අධ්‍යක්ෂ (විශේෂ අවි හා උපක්‍රම/ සංග්‍රාමික යතුරුපැදි) පොලිස් අධිකාරී ආර්. පී. කේ. ඩී. රත්නවීර මහතාගේ අධීක්ෂණය මත, විශේෂ කාර්ය බළකාය ජයවර්ධනපුර කඳවුරේ ස්ථාපිත දිවයිනේ සිදු වන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් රාජකාරියේ යොදවා ඇති විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක සැලැස්මට අනුව ඩී. කලාපයේ රාජකාරී උප පොලිස් පරීක්ෂක වී. එච්. ජී. එන්. අයි. ජනසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT