Saturday, May 10, 2025
Home » මාතර කොටුවෙන් හමුවූ ඇට­කටු ගැන විධි­මත් පරී­ක්ෂ­ණ­ය­ක්

මාතර කොටුවෙන් හමුවූ ඇට­කටු ගැන විධි­මත් පරී­ක්ෂ­ණ­ය­ක්

by Gayan Abeykoon
December 9, 2023 1:00 am 0 comment

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

මාතර කොටුවේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී විදුලි කණුවක් සිටුවීම සඳහා වළක් හාරමින් සිටි සේවකයන් පිරිසකට පසුගිය 06 වැනිදා සවස හමුවූ ඇට කටු, යකඩ ඇණ සහ අනෙකුත් කොටස් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කැණීමකදී හමු වූ ඇට කැබලි ඇතුළු ද්‍රව්‍ය සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසිය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පෙරේදා (07) සවස එම සථානයට පැමිණ නිරීක්ෂණය කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් දුන්නේ විධිමත් ක්‍රියා පටිපාටියක් ඔස්සේ පරීක්ෂා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. මෙහිදී අදාළ ප්‍රදේශයේ පිහිටි ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කර පරීක්ෂණ සිදු කරන ලෙස ද උපදෙස් දුන්නේය. ඒ සඳහා අවශ්‍ය පරිදි පොලිස් ආරක්ෂාව දෙන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට ද නියෝග කළේය.

දිරා ගිය විදුලි කණුවක් වෙනුවට වෙනත් කණුවක් සිටුවීමට වළක් හාරමින් සිටියදී එහි අස්ථි කොටස් සහ ඉපැරණි ඇණ 04ක් ද තිබී ඇත. මේ අස්ථි කොටස් මොනවාද, කුමන කාලයකට අයත් ද යන්න සෙවීමට පුරාවිද්‍යා නිලධාරීන් විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT