104
වවුනියාවේ ඕයාර්සින්නකුලම් නිවෙසකට පෙරේදා (07) කඩු අතැතිව කඩා වැදුණු කණ්ඩායමක් එහි සිටි සහෝදරයන් දෙදෙනා කපා පලා ගොස් තිබේ.
රාත්‍රී කාලයේ මේ අපරාධය කළ කණ්ඩායම කවුරුන් දැයි තමන් නොදන්නා බව දැනට තුවාල ලබා වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබන දෙදෙනා ප්‍රකාශ කර ඇත.
වවුනියාව පොලිසිය ප්‍රකාශ කළේ යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියට සමාන කල්ලියක් වවුනියාවේ ද ක්‍රියාත්මකව සිටින අතර, ඔවුන් විසින් මේ අපරාධය සිදු කරන්නට ඇති බවයි. එම කඩු කල්ලිය අත්අඩංගුවට ගැනීමට වවුනියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.