Home » අයිස් සමඟ අයෙක් දෙහි­ව­ලදී අල්ලයි

අයිස් සමඟ අයෙක් දෙහි­ව­ලදී අල්ලයි

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

දෙහිවල - ඩී. පී. හේරත්

මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයකු අයිස් මිලිග්‍රෑම් 10,100ක් සමඟ දෙහිවල ඕඩියන් හන්දියේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඕබන් පෙදෙස පදිංචිව සිටින වයස අවුරුදු 28ක් වන අයෙකි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීම මත, පොලිස් සැරයන් 53810 අජිත් ඇතුළු නිලධාරී කණ්ඩායමක් ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ නිවාරණ හා මත්ද්‍රව්‍ය වැටලීමේ රාජකාරියේ යෙදී සිටියදී පලා යෑමට උත්සාහ කළ සැක කටයුතු පුද්ගලයකු ඕඩියන් හන්දියේදී පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි මේ අයිස් තොගය හමුවී ඇත.

සිදු කළ විමර්ශනයට අනුව සැකකරු දීර්ඝ කාලීනව මේ ජාවාරම කරගෙන ගොස් ඇති අතර, නිවෙසේ සිට පැකට් කරන අයිස් රත්මලාන, ගල්කිස්ස, මොරටුව, දෙහිවල, කළුබෝවිල ප්‍රදේශවලට බෙදා හැර ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ අධීක්ෂණය යටතේ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ ඍජු මෙහෙයවීම මත, පොලිස් සැරයන් 53810 අජිත්, පොලිස් කොස්තාපල්වරුන් වන 69959 සම්පත්, 81753 හේමන්ත, 102080 සෙවිමිණ යන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT