Saturday, May 10, 2025
Home » නීති විරෝ­ධීව ගෙනා බීඩි කොළ කිලෝ 2700ක් සමඟ සැකකරු මාස්පො­තදී දැලේ

නීති විරෝ­ධීව ගෙනා බීඩි කොළ කිලෝ 2700ක් සමඟ සැකකරු මාස්පො­තදී දැලේ

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත සහ පුත්තලම අතිරේක - හිරාන් ප්‍රියංකර

තීරු බදු නොගෙවා මුහුදු මාර්ගයෙන් රහසිගතව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2700ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (08) කුරුණෑගල පොලිස් වසමේ මාස්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත කුරුණෑගල පොලිස් වසමේ මාස්පොත ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර ඇත.

එහිදී නීති විරෝධීව බලපත්‍ර නොමැතිව රජයට විශාල තීරු බදු ප්‍රමාණයක් අහිමි කරමින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මේ බීඩි කොළ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයකි. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල සුරබදු ඒකකයට භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, මහනුවර කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. එන්. එන්. ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන්, පුත්තලම කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT