175
ඉකුත් 05 වැනිදා ඔක්කම්පිටිය බටුකොටුව කන්දේ විහාරයේදී 14 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් හතළිස් නව හැවිරිදි මොරටුවගම ධම්මරතන නමැති හිමිනම පෙරේදා (07) ඔක්කම්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.
සැකකාර හිමිනම වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහැර නඩුව 2024/03/03 දිනට කල් තබා ඇත.