Saturday, May 10, 2025
Home » මළ ගෙද­රක මිනී මැරූ දෙදෙනා පෝර­ක­යට

මළ ගෙද­රක මිනී මැරූ දෙදෙනා පෝර­ක­යට

by Gayan Abeykoon
December 9, 2023 1:10 am 0 comment

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ, අලුත්ගම තුසිත කුමාර ද සිල්වා,

කළුතර මධ්‍යම විශේෂ අවමංගල්‍යයක් පැවති නිවෙසකදී වසර 16කට පෙර පුද්ගලයකු කපා කොට සිදු කළ මනුෂ්‍ය ඝාතනයක චුදිතයන් දෙදෙනකුට කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අභයරත්න මහතා විසින් පෙරේදා (7) මරණ දඬුවම නියම කරනු ලැබීය.

මෙසේ මරණ දඬුවම් නියම වූයේ මතුගම, නැඟෙනහිර බෝපිටිය ලිපිනයේ පදිංචි ගමගේ දොන් රුවන් මංජුල (47) හා වාද්දුව, පොතුපිටිය, රූපසිංහ මාවත ලිපිනයේ පදිංචි තන්ත්‍රි රෝහණ වසන්ත (45) යන දෙදෙනාටය.

මතුගම පොලිස් වසමේ බෝපිටිය සාරානන්ද මාවතේ මළ ගෙදරකදී 2007 අප්‍රේල් 18 හෝ ඊට ආසන්න දිනක මතුගම, නාරවිල, සාරානන්ද මාවත පදිංචිව සිටි මොහොමාදුරගේ ගාමිණි විජේවර්ධන (61) නමැති අය මෙලෙස ඝාතනයට ලක් වී තිබිණි. ඝාතනය වූ පුද්ගලයා සිය පුතුන් දෙදෙනා සමඟ මළගෙදරට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් සමඟ ඇති වූ ආරවුලක් මුල්කරගෙන මේ ඝාතනය කර තිබේ. එහිදී පුතුන් දෙදෙනා දිවි බේරාගෙන ඇත්තේ පලා ගොසිනි. මේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එයින් විත්තිකරුවන් 10 දෙනකු නිදහස් කරමින් පළමුවැනි හා අටවැනි විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය අධිකරණය විසින් නියම කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT