දරුවන් මුදලට අලෙවි කිරීම සහ නීත්‍යනුකුල නොවන අයුරින් දරුවන් ලබා ගැනීම යන චෝදනාවන් මත වැලිසර මහේස්ත්‍රාත් උසාවිය වෙත ඊයේ (8) දින ඉදිරිපත් කරන ලද සැකකාරියන් තිදෙනා එක් අයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ධම්මික උඩුවවිධාන මහතා නියෝග කෙළ්ය.
මෙසේ ඇප මත මුදාහැරුණේ නිවුන් දරුවන් අලෙවි කළ මව සහ සහ නීත්‍යනුකුල නොවන අයුරින් දරු දෙදෙනා දරුකමට හදා ගැනීමට මිල දී ගත් රාගම සහ කොට්ටපිටිව ප්‍රදේශවල පදිංචි කාන්තාවෝ දෙදෙනෙකි. පරිවාස හා ළමා අධිකාරියේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව නිවුන් දරු දෙදෙනා මොරටුව ප්‍රේම් ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසද විනිසුරුවරයා නියෝග කර සිටියේය.