192
මහවැසි සමඟ පස්සර බඩල්කුඹුර මාර්ගයට වැටී ඇති පස් කඳු සහ ගල් ඉවත් නොකිරීම විශාල අනතුරකට අත වැනීමක් බව ප්‍රදේශවාසීහු පවසති.ගමේවෙල සිට කරඳ හන්දිය දක්වා වු කිලෝමිටර් තුනක සීමාවේ ස්ථාන හයක පමණ මෙලෙස පස් හා ගල්බැමි වැටී ඇති අයුරු දක්නට ලැබිණ.
එක් ස්ථානයක මාර්ගයට වැටී ඇති විශාල කළු ගලක් ප්‍රදේශවාසින් දෙදෙනෙකු විසින් කඩා ඉවත් කරන අයුරු දක්නට ලැබුණි. එවැනි අවදානම් සහිත ස්ථානයක් ඉදිරියෙන් ඇති බව දක්වන සංඥා පුවරුවක්වත් ඒ ස්ථානවලට ඉදිරියෙන් ප්‍රදර්ශනය නොකරන නිසා රාත්‍රි කාලයේ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන අනතුරට ලක්විය හැකි බැවින් මේ ගැන අවධානය යොමු කරන මෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටී.