192
මධ්‍යම කඳුකරයට පෙරේදා (07) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශය පිරී ගොස් තිබේ.ඊයේ (08)පෙරවරුව වන විට වේල්ලේ වාන් දොරටු 04ක් අඩි 03 බැගින් විවෘත කර ඇත. විවෘත කර තිබෙන වාන් දොරටු හතරෙන් තත්පරයට ඝණ අඩි 8950ක ජල ධාරිතාවක් ජලාශයෙන් පහළ කොටසට මුදා හරින බව කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජලාශයට පහළ කොටස දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් විය යුතු බවය.