136
බළන්ගොඩ සිට හැටන් දක්වා ප්‍රධාන මාර්ගයට බළන්ගොඩ පින්නවල ප්‍රදේශයේන් පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. පෙරේදා(07) පස්වරුවේ සිට මේ ප්‍රදේශයට ඇදහැළුණු මහා වර්ෂාව නිසා පස් කන්ද මාර්ගයට කඩා වැටි ඇත්තේ ඊයේ (08) අලුයම කාලයේදීය.මාර්ගයට කඩා වැටුණු පස්වලින් කොටසක් ඊයේ උදෑසන 9 වන විට ඉවත් කර එක් පසෙකින් මාර්ගයේ කොටසක් ගමනාගමනයට විවෘත කළ බව රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ මාර්ගයේ නායයෑම් ගැන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂණයක් කිරීමට නියමිතව තිබේ.