Home » බළ­න්ගොඩ-හැටන් මාර්ග­යට පස් කන්දක් කඩා වැටී ගම­නා­ග­ම­නට බාධා

බළ­න්ගොඩ-හැටන් මාර්ග­යට පස් කන්දක් කඩා වැටී ගම­නා­ග­ම­නට බාධා

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

කහවත්ත, නිරෝෂණ පෙරේරා

බළන්ගොඩ සිට හැටන් දක්වා ප්‍රධාන මාර්ගයට බළන්ගොඩ පින්නවල ප්‍රදේශයේන් පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. පෙරේදා(07) පස්වරුවේ සිට මේ ප්‍රදේශයට ඇදහැළුණු මහා වර්ෂාව නිසා පස් කන්ද මාර්ගයට කඩා වැටි ඇත්තේ ඊයේ (08) අලුයම කාලයේදීය.මාර්ගයට කඩා වැටුණු පස්වලින් කොටසක් ඊයේ උදෑසන 9 වන විට ඉවත් කර එක් පසෙකින් මාර්ගයේ කොටසක් ගමනාගමනයට විවෘත කළ බව රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ මාර්ගයේ නායයෑම් ගැන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂණයක් කිරීමට නියමිතව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT