රටට දක්ෂ මෙන්ම විනය ගරුක නායකයන්ගේ අවශ්‍යතාවක් තිබෙන බවත් බාලදක්ෂ ව්‍යාපාරයෙන් එවැනි නායකයන් බිහි කළ හැකි බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරිය පිළිබඳව අගමැතිවරයා දැනුවත් කිරීමට පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට පෙරේදා (07) පැමිණ සිටි කැම්පෝරි සංවිධායක මණ්ඩලය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
58 වැනි කැම්පෝරියට අගමැතිවරයා එහිදී සුබ පැතුම් එක් කළේය.
ස්වෙච්ඡා නිලධාරීන් මෙවැනි වැදගත් සමාජ හිතකාමී ව්‍යාපාර ඉදිරියට ගෙනයෑමට දක්වන කැපවීම ඉහළින් අගය කරන බව ද අගමැතිවරයා පැවසීය.
කොළඹ බාලදක්ෂ කොමසාරිස් අමිල් අබේසුන්දර, කඳවුරු සංවිධායක කොමසාරිස් ෂබීන් අහමඩ් සහ කොළඹ බාලදක්ෂ සංගමයේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
58 වන කොළඹ බාලදක්ෂ කැම්පොරිය දෙසැම්බර් 8, 9 සහ 10 දිනවල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පැවැත්වෙන අතර, බාලදක්ෂයෝ සහ බාලදක්ෂ නායකයෝ දොළොස්දහසකට වැඩි පිරිසක් සම්බන්ධ වන මේ කඳවුරේ මෙවර තේමාව ‘හදවතින් මෙන්ම මනසින් පිරිපුන් බාලදක්ෂයන්’ (Scouting with Heart and Mind) යන්නය.