101
ගෘහ විද්‍යා පාඩමකට අදාළව සකස් කරන ලද බව කියන ආහාරයක් අනුභව කිරීමෙන් පසු අසාත්මිකතාවකට පත් වූ පාසල් සිසු සිසුවියෝ 12 දෙනෙක් ඊයේ (8) දහවල් මීරිගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ. මෙසේ රෝගාතුර වී ඇත්තේ වේවැල්දෙණිය ප්‍රදේශයේ පාසලක 6 රේණියේ සිසුසිසුවියෝ පිරිසකි.
පාසලේ ගෘහ විද්‍යා පාඩම අනුව නියමිත කාල පරිච්ඡේදයේදී සකස් කළ ආහාරයක් අනුභව කිරීමෙන් අනතුරුව සිසු පිරිසකගේ සිරුරු කැසීමට පටන්ගැනීමත් සමඟ කඩිනමින් ඔවුන් රෝහල්ගත කිරීමට පාසල් බලධාරීන් පියව ගෙන තිබේ.
මීරිගම රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේදී මූලික ප්‍රතිකාර දීමෙන් පසු සිසු පිරිස වාට්ටුවකට ඇතුළත් කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළාය.