Sunday, May 11, 2025
Home » ජාතීන් අතර අස­ම­ඟිය වපු­රන දේශ­පා­ල­ක­යන් ප්‍රති­ක්ෂේප කළ යුතුයි
සංහි­ඳි­යාව තම ගම­නට බාධා­වක් සේ සිතා

ජාතීන් අතර අස­ම­ඟිය වපු­රන දේශ­පා­ල­ක­යන් ප්‍රති­ක්ෂේප කළ යුතුයි

මල්වතු මහ­නා­හි­මියෝ ගෝලීය දමිළ සංස­ද­යට පව­සති

by Gayan Abeykoon
December 9, 2023 1:16 am 0 comment

අසේල කුරු­ළු­වංශ

උතුරේ දෙමළ ජනතාවත්, දකුණේ සිංහල ජනතාවත් ජාති හා ආගම් භේදයෙන් තොරව සහයෝගයෙන් කටයුතු කිරීම තම දේශපාලන ගමනට බාධාවක් බව සිතන ඇතැම් දේශපාලනඥයන් ජාතීන් අතර සමඟිය බිඳින්නට කටයුතු කරන බවත්, එවැනි දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කළ යුතු කාලය දැන් එළඹ තිබෙන බවත් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ. ගෝලීය දමිළ සංසදයේ (ගෝලීය ඩයස්පෝරාව) සභාපති සුරේන් සුරන්දිරන් මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (08) මල්වතු මහනාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව ජාති හා ආගම් භේදයෙන් තොරව සාමයෙන් සමඟියෙන් ජීවත් වෙද්දී ඇතැම් දේශපාලනඥයන් ඇතුළු සුළු පිරිසක් ජාතීන් බෙදා වෙන් කිරීමට උත්සාහ කරන බවත්, මේ බව සියලු දෙනා තේරුම් ගැනීම වැදගත් බවත් මහනාහිමියෝ මෙහිදී කීහ.

ගෝලීය දෙමළ සංසදයට රට බෙදා වෙන් කිරීමේ කිසිදු අවශ්‍යතාවත් නැති බවත්, උතුර පමණක් නොව රටම සංවර්ධනය කිරීමට සහයෝගය දීම තම සංසදයේ අපේක්ෂාව බවත් ගෝලීය දමිළ සංසදයේසභාපති සුරේන් සුරන්දිරන් මහතා මෙහිදී පැවසීය. විදේශයන්හි මහා පරිමාණ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැලසුම් කර තිබෙන බවත්, ඊට පෙර රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගැනීම වැදගත් බවත් ඒ මහතා කීය. තවමත් විසඳී නැති ජාතික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සියලු කණ්ඩායම් එක්ව ජාතික කතිකාවක් ආරම්භ කළ යුතුව ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

ගෝලීය දමිළ සංසදය (ගෝලීය ඩයස්පෝරාව) මෙරට ජාතික හා ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට කරන යෝජනා ඇතුළත් ‘හිමාලයා’ ප්‍රකාශනයේ පිටපතක් මල්වතු මහනාහිමියන් වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණි.

මේ අවස්ථාවට අමරපුර වජිරවංශ මහා නිකායේ වැඩ බලන මහානායක මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමි ප්‍රමුඛ මහ සංඝරත්නයද යුද්ධයෙන් අවතැන් වූ කාන්තාවන්ගේ සංවිධානයේ සභාපති විශාඛා ධර්මදාස මහත්මියද සහභාගි වූ අතර, දමිළ සංසදය නියෝජත පිරිස අස්ගිරි මහා විහාරයට ගොස්, ඒ පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක ආශීර්වාද ගත්හ.

ගෝලීය දමිළ සංස­දයේ (ගෝලීය ඩය­ස්පෝ­රාව) සභා­පති සුරේන් සුර­න්දි­රන් මහතා ඇතුළු පිරිස මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක අති­පූජ්‍ය තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල 
මහ­නා­හිමි බැහැ­දැක ආශී­ර්වාද ගත් අව­ස්ථාව

ගෝලීය දමිළ සංස­දයේ (ගෝලීය ඩය­ස්පෝ­රාව) සභා­පති සුරේන් සුර­න්දි­රන් මහතා
ඇතුළු පිරිස මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක අති­පූජ්‍ය තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල
මහ­නා­හිමි බැහැ­දැක ආශී­ර්වාද ගත් අව­ස්ථාව

දමිළ සංසද නියෝ­ජිත පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහා­නා­යක අති­පූජ්‍ය වර­කා­ගොඩ ශ්‍රී ඤාණ­ර­තන මහ­නා­හිමි බැහැ­දැක ආශී­ර්වාද ලද අව­ස්ථාව

දමිළ සංසද නියෝ­ජිත පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහා­නා­යක
අති­පූජ්‍ය වර­කා­ගොඩ ශ්‍රී ඤාණ­ර­තන මහ­නා­හිමි බැහැ­දැක ආශී­ර්වාද ලද අව­ස්ථාව

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT