Home » දේශීය වාණිජ බැංකු 3කට වරාය නග­රයේ ශාඛා ඇරී­මට අව­ස්ථාව

දේශීය වාණිජ බැංකු 3කට වරාය නග­රයේ ශාඛා ඇරී­මට අව­ස්ථාව

ජය­සිරි මුණ­සිංහ

by Gayan Abeykoon
December 9, 2023 1:13 am 0 comment

දකුණු ආසියාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික ව්‍යාපාරික හා මූල්‍ය සේවා මධ්‍යස්ථානය වන කොළඹ වරාය නගරයේ බැංකු ආරම්භ කිරීමට, මෙරට ප්‍රමුඛ වාණීජ බැංකු තුනකට අවසරය දී ඇත. කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව වෙත මේ අවසර දුන් බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ලෝක මට්ටමේ ආර්ථික ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරයේ මේ අන්දමට දේශීය වාණිජ බැංකුවලට සිය සේවා සැලසීමට අවකාශ හිමි වීම සුවිශේෂ කරුණකි. කොළඹ වරාය නගරයේ සාර්ථකත්වය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව ඇති අතර, මෙහි කටයුතු විධිමත් කිරීම සඳහා මාර්ගෝපදේශ දීම, ඒවා ක්‍රියාත්මක වන්නේදැයි සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තමන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බවද වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT