Saturday, May 10, 2025
Home » බාර් අරින වහන වෙලා­වල වෙන­සක්

බාර් අරින වහන වෙලා­වල වෙන­සක්

by Gayan Abeykoon
December 9, 2023 1:13 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

දිවයින පුරා පිහිටි සියලු සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව අද (9) සිට සංශෝධනය කර තිබේ. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ නිවේදනය නිකුත් කර ඇත.

ඊට අනුව, විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව. 8 සිට රාත්‍රී 10 දක්වාද, පරිශ්‍රය තුළදී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව. 10 සිට රාත්‍රී 11 දක්වාද, පරිශ්‍රය තුළදී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10 සිට රාත්‍රී 12 දක්වාද විවෘතව පවතින බව එම නිවේදනයේ දක්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT