122
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයෙන් මාර්ගය අයිනේ කොටසක් ඊයේ (08) පස්වරුවේ නායයෑමට ලක් වීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බව හාලිඇළ පොලිසිය සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගය අයිනේ කොටසක් විදුලි කණු සහ විශාල ගසක් සමග බදුලු ඔයට කඩාගෙන ගොස් නාය යෑමට ලක්ව ඇත.
විදුලි කණු කඩාගෙන යෑම නිසා උඩුවර ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි බලයද ඇනහිට තිබේ. මාර්ගයද ඉරිතළා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන ලෙස මාර්ගය භාවිත කරන රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.