Saturday, May 10, 2025
Home » අපේ­ක්ෂාවේ විකි­රණ තාක්ෂ­ණ­වේ­දීහු අකු­රට වැඩ තාව­කා­ලි­කව අකු­ළා­ග­නිති

අපේ­ක්ෂාවේ විකි­රණ තාක්ෂ­ණ­වේ­දීහු අකු­රට වැඩ තාව­කා­ලි­කව අකු­ළා­ග­නිති

by Gayan Abeykoon
December 9, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිනමිණ’ට ඊයේ (8) පැවසීය. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සමඟ පැවති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවද ඒ මහතා කීය.

කලින් නිකුත් කර තිබූ අමතර සේවා ගෙවීම් සීමා කිරීමට අදාළ ලිපිය ඉවත් කර, පෙර ගෙවූ පරිදි ගෙවීම් කිරීමට ලිඛිත උපදෙස් දීමට මෙහිදී පොරොන්දු වූ අතර දීමනා සම්බන්ධ ගැටලු විසඳීමට විශේෂ කමිටුවක් පත් කර මෙම ගැටලුවලට තිරසාර විසඳුම් දෙන බවට සෞඛ්‍ය ලේකම්වරයා එකඟතාව පළ කර තිබේ.

වැඩ වැරුමෙන් රෝගීන්ට සිදු වූ අපහසුතාව පිළිබඳව සංගමය දැඩිව කනගාටු වන අතර, මෙම ගැටලුව මීට කලින් රෝගීන් අපහසුතාවට පත් නොකර විසඳා ගැනීමට තිබූ බවද ධර්මවික්‍රම මහතා පැවසීය. වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමත් සමඟ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර නැවත ආරම්භ කළ බවද හෙතෙම කිවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT