Home » කැල­ණිය සර­ස­වි­යෙන් බහු විෂ­ය­යික පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණ­යක්

කැල­ණිය සර­ස­වි­යෙන් බහු විෂ­ය­යික පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණ­යක්

by Gayan Abeykoon
December 9, 2023 1:00 am 0 comment

නදීෂානි සඳුනි කුමාරි

ආසියාවේ පළමු වරට සංවිධාන කරන පුස්තකාල හා ඒවායෙහි ඇති ද්විතීයීක මූලාශ්‍ර ආශ්‍රයෙන් සිදු කරන පර්යේෂණ දිරිමත් කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන් සංවිධාන කරන බහු විෂයයික පර්යේෂණ සම්මන්ත්‍රණය පසුගියදා (06) වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී. ඩබ්ලිව්. ආර්. කේ. සෝමදේව, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය සේනක රාජපක්ෂ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න මහත්වරු මෙහි ප්‍රධාන දේශන පැවැත්වූහ.

මේ සම්මන්ත්‍රණයට ඉදිරිපත් කරන ලද සියලූම අත්පිටපත් ද්විත්ව සමියුරු සමාලෝචනයක් (Double – blind Peer Review) සිදු කරන අතරම, අත්පිටපත්හි රචනා චෞරත්වය පරීක්ෂණ මෘදුකාංගයක් (Plagiarism Detection Software) මඟින් පරීක්ෂා කිරීම ද සිදු කරන ලදී. මෙහිදී විශේෂයෙන්ම පුස්තකාලය පාදක කර ගනිමින් එහි ද්විතීයීක මූලාශ්‍ර ඇසුරින් සිදු කරන ලද සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකා ආශ්‍රයෙන් විවිධ විෂය ප්‍රවීණයන් මෙන්ම පර්යේෂකයන් සිදු කරන ලද පර්යේෂණ පත්‍රිකා පාදක කර ගනිමින් ශාස්ත්‍රීය සංග්‍රහයෙන් (Proceeding of the Desk Research Conference – DRC 2023) සහ සමාලෝචන සංස්කාරක මණ්ඩලය මඟින් තෝරා ගත් සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකා ඇතුළත් ශාස්ත්‍රීය සඟරාවෙහි (The Journal of the Desk Research Review and Analysis) කලාප දෙක පාඨක ප්‍රජාවට එළි දැක්වීම ද මෙහිදී සිදු කරනු ලැබිණි.

මේ ශාස්ත්‍රීය කෘතීවල ප්‍රධාන සංස්කාරකත්වය ආචාර්ය අචලා රණවීර සිදු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT