ආනයනික ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මත නැවත වරක් බදු අය කරන්නේ නම් ඉදිකිරීම් කර්මාන්තයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ටයිල් සහ සනීපාරක්ෂක උපකරණ ආනයනය කරන්නන්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
ටයිල් සහ සනීපාරක්ෂක උපකරණ ආනයනය කරන්නන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට පෙරේදා (07) මේ සංදේශය ඉදිරිපත් කර ඇත. ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල පහත වැටීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල වාසියක් අත්වී තිබෙන බවත්, නැවත වරක් බදු අය කරන්නේ නම් එම කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වන බවත් ටයිල් සහ සනීපාරක්ෂක උපකරණ ආනයනය කරන්නන්ගේ සංගමය පෙන්වා දෙයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ටයිල් සහ සනීපාරක්ෂක උපකරණ ආනයනය කරන්නන්ගේ සංගමයේ ලේකම් සමේන්ද්‍ර ගුණසේකර මහතා මෙලෙස පැවැසුවේය.
“මෙලෙස ආනයන සීමා ඉවත් කිරීමට ගත් තීරණය අතිශය වැදගත්. එය ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල ශක්තියක්. කාලයක් මේ ආනයන නවතා තිබුණා. නමුත් ජනාධිපතිවරයා ගත් තීරණයක් නිසා නැවත ආනයන කටයුතු සිදු කෙරෙනවා. එයින් පාරිභෝගිකයාට විශාල ලාභයක් අත්වී තිබෙනවා. ටයිල් ආනයනය කිරීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉතා උසස් තත්ත්වයකට පැමිණ තිබෙනවා. ටයිල් සහ සනීපාරක්ෂක උපකරණ මිල ගණන් ඉතා පහළ ගොස් තිබෙනවා. ටයිල් හා සනීපාරක්ෂක ආනයනය කිරීමෙන් ටයිල් මිල සියයට 50කින් පහළ බැස තිබෙනවා. මේ වන විට ටයිල්වලට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ටයිල්වලට ජනවාරි සිට බද්දක් ගැසීමෙන් නැවතත් ටයිල් මිල සියයට 100කින් ඉහළ යා හැකියි.
ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමය ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාර දෙමින් කියා සිටියේ දැනට ටයිල් මිල ශීඝ්‍රයෙන් පහළ බැස යන මොහොතේ වැට් බද්දක් ගැසීමෙන් නැවත වතාවක් ටයිල් මිල සියයට 100කින් ඉහළ යා හැකි බවයි. ටයිල් මිල ඉහළ දැමීමට පාර්ශ්ව දෙකක් ක්‍රියා කරනවා. ඒ සඳහා ටයිල් ආනයනකරුවන් සිය විරෝධය ප්‍රකාශ කරනවා.”