මාතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරුවරුන් සඳහා හැඳුනුම්පත් දීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මීට සමගාමීව මාතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු සංගමයේ ගුරුවරුන් සඳහා වූ හමුවක් ද පැවති අතර, එහිදී පෙර පාසල් ගුරු සමුපකාර සමිතියක් ස්ථාපිත කර ඒ මඟින් දිස්ත්‍රික්කයේ පෙර පාසල්වල භෞතික සංවර්ධනය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද යෝජනා කෙරිණි. මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු සංගමයේ කැඳවුම්කාරිණී හේමමාලී, නිල්වලා නෙළුම අධ්‍යාපන ඒකකයේ සංවිධායක චතුර බාලගේ මහත්ම මහත්මීන් ඇතුළු මාතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු මහත්මීහු සහභාගි වී සිටියහ.