Home » ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක්

ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක්

by chanaka
December 9, 2023 9:17 pm 0 comment

ලබන ජනවාරි මාසයේදී යළිත් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ යෝජිත විදුලිබල පනත් කෙටුම්පත ලබන 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත්, ලබන ජනවාරි මාසයේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

නැවත විදුලි බිල සංශෝධනයකට යාමට තිබුණේ අප්‍රේල් මාසයේ වුවත්, මෙම දෙසැම්බර් වන විට ජල විදුලි බලාගාරවල තත්වය බලා සංශෝධනයකට යා හැකි බව අමාත්‍යවරයා පැවසීය.

විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් එළඹෙන 12 වැනිදා කමිටුව රැස් වන බවත්, විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනා තිබේ නම් එහිදී ඉදිරිපත් කරන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසුවේ,

ඔක්කොම විදුලි බිල ගැන කතාකරනවා. නමුත් පවතින ව්‍යුහය වෙනස් කරන තුරු විදුලි බිල අඩු කරන්න බැහැ. පවතින ව්‍යුහය තුළ පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීමට උදව් කරන්නේ නැත්නම් ඒ සඳහා රජය කුමන ප්‍රතිපත්තිය හැදුවත් වැඩක් නැහැ. මෙම ව්‍යුහය වෙනස් වුනොත් විතරයි අලුතින් බලාගාර හදන්න පුළුවන් එම නිසා යෝජනා තිබේ නම් ඉදිරිපත් කරන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT