වසර හතක් වැනි කෙටි කාලයකදී වුවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙරට ජනප්‍රියතම දේශපාලන පක්ෂය බවට පත් වෙමින් ශ්‍රී ලංකා භූමිය පුරාවට ව්‍යාප්ත වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.
ඇතැම් දේශපාලන පක්ෂ සඳහා අවුරුදු 45, 50, 60ක පමණ ඉතිහාසයක් තිබෙන බව සිහිපත් කරන ඒ මහතා ඒවායින් ඇතැම් පක්ෂ දිය වී ගොස් තිබෙන බව ද තවත් සමහර දේශපාලන පක්ෂ බෝඩ් ලෑල්ලට සීමා වී තිබෙන බව ද කියා සිටී.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පසුගිය 06දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේද පැවසීය.
“අපේ පක්ෂයේ මහා සම්මේලනය දෙසැම්බර් 15දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන්න කටයුතු යොදාගෙන යනවා. අපේ රටේ තිබෙන ග්‍රාමසේවා වසමකට එක නියෝජිතයා බැගින් අපි සියලුදෙනාම කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තිබෙන ඉඩකඩ මදිවෙලා තිබෙනවා.
ඒ නිසා අපි ඒ සඳහා පිටතින් ආවරණ වෙනම යොදාගෙන පිරිස් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අපට පනස් දාහක්, හැට දාහක් ගේන්න පුළුවන්. නමුත් එතැන තිබෙන ඉඩකඩ ප්‍රමාණය අනුව අපි ඒ ග්‍රාමසේවා වසමකින් එක නියෝජිතයෙක් ගෙනත්, ඒ වගේම මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සහාවල මහා ඇමැතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු, නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු අපේ පක්ෂයේ මහජන නියෝජිතයන් සියලුදෙනාමත් මේ මහා සම්මේලනයට සහභාගි කරවන්න ඒ සියලු කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම අපි ඉතාම උත්කර්ෂවත් අන්දමින් ඒ කටයුත්ත කරන්න සූදානම්.