කන්දකැටිය මුඩගමුව ප්‍රදේශයේ පදිංචි දැනට වයස අවුරුදු 16 හැවිරිදි දැරියක් මීට වසරකට පමණ පෙරදි දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු පෙරේදා (07) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා සෙබළා 26 හැවිරිදි වියේ පසුවන දික්කුඹුර, ගෝඩුන්න ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් පොලිසිය පවසයි. 16 හැවිරිදි දැරිය පසුගිය 9 වැනිදා ඇයගේ නිෙවස තුළදී ඥාති සහෝදරයෙකු විසින් දූෂණය කළ බවට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනවලදී ඇය වයස අවුරුදු 15දී අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළා අතින්ද දුෂණයට ලක්ව ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. ඒ අනුව එම සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවත් ඇයගේ ඥාති සොයුරා මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද පොලිසිය පවසයි.