Home » කොඩි­ගා­මම් වෙල්ල­න්පො­ක්කඩි නිවෙ­ස­කින් ලක්ෂ තිහක රන් අබරණ හා ලක්ෂ හතක සල්ලි කොල්ල කාලා

කොඩි­ගා­මම් වෙල්ල­න්පො­ක්කඩි නිවෙ­ස­කින් ලක්ෂ තිහක රන් අබරණ හා ලක්ෂ හතක සල්ලි කොල්ල කාලා

ව්‍යාපා­රි­ක­යාට නිවෙ­සට එන අත­ර­මඟ වෙඩි තියලා

by Gayan Abeykoon
December 9, 2023 1:07 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

යාපනයේ කොඩිගාමම් වෙල්ලන්පොක්කඩි ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ තිහක පමණ ස්වර්ණාභරණ හා මුදලින් රුපියල් ලක්ෂ හතක් මංකොල්ල කා තිබේ.

මෙම නිවස යාපනයේ තරුණ ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර ඔහු නිවසින් බැහැරට ගිය අවස්ථාවක මංකොල්ලකරුවන් පිරිසක් නිවෙසට ඇතුළු වී මෙම මංකොල්ලකෑම සිදු කොට තිබේ.

ස්වර්ණාභරණ හා මුදල් කොල්ලකෑ කොල්ලකරුවන් නිවසේ තිබූ අල්මාරී ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු බඩු බාහිරාදිය රැසකට පහර දී ඒවා විනාශ කොට දමා තිබේ.

මංකොල්ලකරුවන් නිවෙස තුළ සිටියදීම තරුණ ව්‍යාපාරිකයා සිය යතුරුපැදියෙන් නිවසට පැමිණ ඇති අතර මඟ රැක සිටි මංකොල්ලකරුවන්ගෙන් දෙදෙනෙකු එම තරුණයාට වෙඩි තබා පසුව පහර දී යතුරුපැදියටද අලාභ හානි සිදු කොට තිබේ.

මංකොල්ලකරුවන් ව්‍යාපාරික තරුණයාට තැබූ වෙඩි පහර ඔහුට වැදී නොමැති අතර පහරදීම් නිසා ඔහු බරපතළ ලෙස තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම මංකොල්ලකෑම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, කොඩිගාමම් පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT