Saturday, May 10, 2025
Home » පොලිස් වසම් දහ­යක සිද්ධි 43කින් ලක්ෂ ගණ­නක් වටිනා දේපොළ කොල්ලකෑ දෙදෙ­නා‍ කොටු

පොලිස් වසම් දහ­යක සිද්ධි 43කින් ලක්ෂ ගණ­නක් වටිනා දේපොළ කොල්ලකෑ දෙදෙ­නා‍ කොටු

by Gayan Abeykoon
December 9, 2023 1:08 am 0 comment

වත්තල විශේෂ - ජෝශප් පයස්

පොලිස් වසම් දහයක ලක්ෂ ගණනක් වටිනා රන් ආභරණ, යතුරුපැදි, පරිගණක යන්ත්‍ර, රූපවාහිනි, ගෘහ විදුලි උපකරණ ඇතුළු දේපොළ රැසක් සොරා ගැනීමේ සිද්ධීන් 43කට සම්බන්ධ සංවිධානාත්මක කල්ලියක ප්‍රබල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහබාගේ පොලිස් අපරාධ විමර්ශන අංශය සමත් වී ඇත.

පෙරේදා (07) බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරු අනුව අයිස් මත්ද්‍රව්‍ය 5300 සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මහබාගේ, යක්කල, සීදූව, කඩවත, කටුනායක, මිනුවන්ගොඩ, වෙන්නප්පුව, කඩුවෙල, කඳාන හා කොච්චිකඩේ යන පොලිස් වසම් දහයක සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණයකර ගැනීමට පොලිසිය සමත් වී ඇත. ඒ අනුව සොර බඩු ළඟ තබාගත් අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගත් අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 9270ක් හමු වූ අතර මෙම අපරාධ සඳහා යොදා ගනු ලැබූ වෑන්රථය පොලිස් භාරයට ගැනීමට ද පියවර ගෙන ඇත.

පළමු සැකකරු සංගීත් චතුරංග සහ දෙවන සැකකරු මොහොමඩ් රසාද් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

මේ වන වනවිට අපරාධ 18කට සම්බන්ධ භාණ්ඩ හඳුනාගෙන ඇති අතර, ඉතිරි භාණ්ඩ හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT