Home » හැටන් ඩිපෝවේ බස් රි­යක් ඇළේ

හැටන් ඩිපෝවේ බස් රි­යක් ඇළේ

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ

මහනුවර සිට හැටන් දක්වා ලක්ෂපාන මාර්ගය ඔස්සේ ධාවනය කළ හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ඊයේ (08) දින මාර්ගය හරහා ගලා බසින ඇළ මාර්ගයකට වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනය උදැසන 5.00 සිට 8.30 දක්වා සම්පූර්ණයෙන්ම ඇන හිට තිබුණි.

ධාවනය වෙමින් තිබූ බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු තවත් බස් රථයකට ඉඩ ලබාදීමට යාමේදි බස් රථය ප්‍රධාන මාර්ගය අබියසින් ගලා බසිනා ඇළ මාර්ගයකට වැටී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති අතර, අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගත් සෙසු වාහන ගමනාගමනයට පැය කිහිපයක් බාධා පැමිණ තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT