Home » වැගන් ආර් හොර­ක­ම­කට රක්ෂි­තයේ සිටි සැක­කරුට ශරීර ඇප

වැගන් ආර් හොර­ක­ම­කට රක්ෂි­තයේ සිටි සැක­කරුට ශරීර ඇප

by Gayan Abeykoon
December 9, 2023 1:07 am 0 comment

රුපියල් ලක්ෂ 42ක් වටිනා බව කියන වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් සොරකම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියෝග කළාය. මීට අමතරව සැකකරුගේ ඇපකරු පදිංචිය සහතික කළ යුතු බවට ද නියෝග කෙරිණ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහහේනවත්ත, පහළ යාගොඩ, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචී එ්. තුෂාර මධුශාන් ගුණසේකර යන අයට එසේ ඇප නියම විය. මෙම සිද්ධියට අදාළ වැගන් ආර් වර්ගයේ මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන සිටි කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ පදිංචිව සිටින එම්.එ්. සම්පත් අරුණජීව යන අය විසින් කඩවත පොලිසියට කරන ලද පැමිණිල්ල විමර්ශනය කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී සැකකරුට එරෙහිව මෝටර් රථයක් සොරකම් කිරීම, සොරබඩු ළඟ තබා ගැනීම යන චෝදනා පොලිසිය විසින් ගොනු කරනු ලැබ තිබූ අතර එම චෝදනාවලට සැකකරු නිවැරදිකරු බව පැවසීම හේතුවෙන් එම සැකකරු ඇප මත මුදා හැර නඩු විභාගය සඳහා අප්‍රේල් මස 22 වැනි දින කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය. මෙම වැගන් ආර් වර්ගයේ මොටර් රථය කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ වාහන සේදීමේ ආයතනයක නවතා තිබියදී සැකකරු විසින් සොරකම් කරනු ලැබ ඇතැයි කඩවත පොලිසිය සඳහන් කළේය. කඩවත පොලිසියේ සැරයන් (49998) බාලසූරිය මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.

මහර සමූහ - ගණිදු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x