Home » ජාතික වනෝ­ද්‍යා­න­යට අන­ව­ස­රෙන් ඇතුළු වූ හය­කට දඩ

ජාතික වනෝ­ද්‍යා­න­යට අන­ව­ස­රෙන් ඇතුළු වූ හය­කට දඩ

by Gayan Abeykoon
December 9, 2023 1:00 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ

පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේරයගොඩයාය ප්‍රදේශයට අනවසරෙන් ඇතුළුවීමේ චෝදනාවකට පොලොන්නරුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හයදෙනෙකු පෙරේදා (07) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට පනස්පන්දහස බැගින් වූ රුපියල් තුන් ලක්ෂ තිස්දාහක, දඩ මුදලක් ගෙවන ලෙසට පොලොන්නරුව මහේස්ත්‍රාත් යු.ඒ.එස්.කේ. වික්‍රමරත්න මහතා නියෝග කළේය.

අනවසරයෙන්ම ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට හවුලේ ඇතුළුවීම සහ රැඳී සිටීම, ඒ තුළ අඩිපාරක් තැනීම සහ භාවිත කිරීම, ගිනිපත්තු කිරීම සහ පිහියක් සන්තකයේ තබා ගැනීමේ වරදට එම සැකකරුවන් ඉකුත් 30 වැනිදා පොලොන්නරුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර පෙරේදා (07) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලොන්නරුව තබාල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19, 29, 30, 35 හා 42 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව පොලොන්නරුව වන සත්ත්ව අඩවි සහකාර එන්.බී.ඒ.එස්. නාලක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT