Home » තනිකඩව සිටි 73 සීයාගේ ඇට­සැ­කිල්ල ගේ ඇතුළේ

තනිකඩව සිටි 73 සීයාගේ ඇට­සැ­කිල්ල ගේ ඇතුළේ

by Gayan Abeykoon
December 9, 2023 1:00 am 0 comment

මල්වාන සමූහ මහානාම විතානගේ හා දෙල්ගොඩ සමූහ සුදත් පුබුදු කීර්ති

දොම්පේ පොලිස් වසමේ සමණබැද්ද ප්‍රදේශයේ නිවෙසක තිබි පිරිමි මිනිස් ඇටසැකිල්ලක් ඊයේ ( 08 ) පෙරවරුවේ හමු වී ඇත.

මෙම මිනිස් ඇටසැකිල්ල එම නිවෙසේ හුදෙකලාව ජීවත් වූ පුවක්පිටියගේ විජේරත්න නමැති 73 හැවිරිදි අවිවාහක තැනැත්තාගේ බවට හඳුනාගෙන තිබේ. ඔහු ඇතැම් අවස්ථාවල නිවෙසින් පිටවී ගොස් මාස දෙක තුනකට පසුව නැවත නිවෙසට පැමිණෙන අයකු වන බවත්, දැනට මාස තුනකට පමණ ඉහත ඔහුගේ සොහොයුරා ඔහු බැලීම සඳහා නිවෙසට පැමිණ තිබෙන අතර, ඒ අවස්ථාවේ ද ඔහු දකින්නට නොසිටි අතර නැවත ඊයේ (08) උදේ පැමිණ සොයා බැලීමේදී ඔහුගේ ඇටසැකිල්ල නිවෙස තුළ දක්නට ලැබී ඒ බව දොම්පේ පොලිසියට පැමිණිලි කර ඇත.

මේ අනුව දොම්පේ පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ආර්. විජේලාල් මහතා විසින් මේ පිළිබඳව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පූගොඩ මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණය සඳහා එම ස්ථානයට පැමිණීමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රියාන් නිශ්ශංක මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ආර්. විජේලාල් මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT