ඉන්දීය ක්‍රිකට් පිලේ යොවුන් පිතිකරු ෂුබ්මන් ගිල් නව පරපුරේ වඩාත්ම දක්ෂ පිතිකරුවා බවත්, ඔහු සිය ලෝක වාර්තාව බිඳ හෙළනු ඇති බවත් ලෝක ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ට පිතිකරුවකු වන බ්‍රයන් ලාරා ප්‍රකාශ කර තිබේ.
ඉනිමක වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ලෙස 2004 වසරේදී එංගලන්ත පිලට එරෙහිව නොදැවී ලකුණු 400ක් රැස් කරමින් තැබූ ලෝක වාර්තාවත්, 1994 වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී වොරික්ෂයර් ප්‍රාන්ත පිල නියෝජනය කරමින් ඩරම් ප්‍රාන්තයට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 501ක් රැස් කරමින් පළමු පෙළ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ ලෝක වාර්තාවත් ෂුබ්මන් ගිල් ඉදිරියේදී බිඳ දමනු ඇතැයි ලාරා අනාවැකි පළ කර තිබේ. මෑත කාලයේ බිහි වූ ජාත්‍යන්තර පිතිකරුවන් අතුරින් සිය ලෝක වාර්තා බිඳ දැමීමට ප්‍රමාණවත් හැකියාවක් ඇත්තේ ෂුබ්මන් ගිල්ට බව ලාරා සඳහන් කර ඇත.
ඔහු එතෙක් මෙතෙක් ජාත්‍යන්තර එක්දින තරගයක ද්විත්ව ශතකයක් රැස් කළ ළාබාලතම පිතිකරුවාගේ වාර්තාවටත්, ටෙස්ට්, එක්දින සහ විස්සයි20 මුහුණුවර ත්‍රිත්වයෙන්ම ශතක රැස් කළ ළාබාලතම පිතිකරුවාගේ වාර්තාවටත් දැනටමත් හිමිකම් කියයි.