Sunday, May 11, 2025
Home » සුපර් ලීග් වොලි­බෝල් පිටියේදී නාවි­ක­යන්ට විදු­ලිසැර වදී

සුපර් ලීග් වොලි­බෝල් පිටියේදී නාවි­ක­යන්ට විදු­ලිසැර වදී

by Gayan Abeykoon
December 9, 2023 1:17 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මංචි අනුග්‍රහයෙන් සංවිධාන කරන 72 වැනි ජාතික වොලිබෝල් තරගාවලියේ පිරිමි සුපර් ලීග් දෙවැනි දිනය වූ ඊයේ පැවති පළමු තරගයෙන් නාවික හමුදාවට එරෙහිව වට 3-0ක ජයක් හිමි කර ගැනීම විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත් විය.

ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මේ තරගාවලියේ ඊයේ පැවති පළමු තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, එම තරගයෙන් විදුලිබල ක්‍රීඩකයෝ ජය හිමි කර ගත්තේ ලකුණු 26 – 24ක් ලෙසිනි.

දෙවැනි වටය ලකුණු 25-20ක් ලෙස පසුවෙන් ජය ගැනීමට ඔවුන් සමත් වුවද යළි උණුසුම් වූ තෙවැනි වටය ලකුණු 27ක් දක්වා ඉදිරියට ඇදී ගියේය. එහිදී නාවික හමුදාවට ලබාගත හැකි වූයේ ලකුණු 25ක් පමණි.

වරයා අධිකාරිය සහ ඕසන් ලංකා තරගය වට 5ක් දක්වා ඇදී ගිය අතර, ප්‍රබල සටනකින් පසු ජය හිමි කර ගැනීමට ඕසන් කණ්ඩායමට හැකි විය. එහිදී පළමු වටය ලකුණු 25-15ක් ලෙස පරාජය වූ ඕසන් පිල දෙවැනි සහ තෙවැනි වටයන් ලකුණු 25-21ක් සහ 25-17ක් ලෙස ජය ගත්තේය. සිවුවැනි වටය යළිත් ජය ගැනීමට වරාය (25-18) සමත් වුවද 5 වැනි වටය ලකුණු 15-11ක් ලෙස නිමා කරමින් ජය තහවුරු කර ගැනීමට ඕසන් ලංකා කණ්ඩායමට හැකි විය.

ඊයේ තෙවැනි තරගයෙන් පසුගිය ශූර ගුවන් හමුදාව වට 3-1කින් බෙස්ට් පැසිපික් පිල පරාජය කිරීමට සමත් විය. එහි ලකුණු තත්ත්වය 25-16, 25-27, 25-20ක් සහ 25-15ක් ලෙස සටහන් විය.

පොලිසිය සහ යුද හමුදාව අතර තරගයෙන් යුද හමුදාවට වට 3-0ක ජයක් (25-16, 25-21 සහ 25-19) හිමි විය.

තරගාවලියේ තෙවැනි දිනය වන අද (9) ගුවන් හමුදාව – යුද හමුදාව (පෙ.ව. 9.00), බෙස්ට් පැසිපික් – පොලිසිය (පෙ.ව. 11.30), විදුලිබල මණ්ඩලය – වරාය අධිකාරිය (ප.ව. 2.00) සහ නාවික හමුදාව – ඕසන් ලංකා (ප.ව. 4.00) තරග වදින අතර, හෙට (10) පළමු අවසන් පූර්ව තරගය (පෙ.ව. 9.00), දෙවැනි අවසන් පූර්ව තරගය (පෙ.ව. 11.30), තෙවැනි ස්ථානය සඳහා තරගය (ප.ව. 4.00) පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT