ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ඒ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පාණදුර ශ්‍රී සුමංගල සහ පානදුර සාන්ත ජෝන් විදුහල අතර තරගය අද (9) පැවැත්වෙන අතර, හෙට (10) වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ යාපනය සාන්ත ජෝන් විදුහල තරග වැදීමට නියමිතය.
සාන්ත ජෝන් – ශ්‍රී සුමංගල
ශ්‍රී සුමංගල විදුහල පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි එහිදී පිළියන්දල මධ්‍ය මහා විදුහල පරදවමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. තම කාණ්ඩයේ අනුශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට එක් වූ සාන්ත ජෝන් විදුහල එම තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහල පරදවමින් මේ තරගයට එක් විය.
ශ්‍රී සුමංගල පිල විදූෂ පීරිස් විසින් මෙහෙයවනු ලබන අතර, සාන්ත ජෝන් පිල දෙනෙත් ප්‍රසංග විසින් මෙහෙයවනු ලබයි.
වත්තල ලයිසියම් – යාපනය සාන්ත ජෝන්
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තම කාණ්ඩයේ ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර, එහිදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, තම කාණ්ඩයේ අනුශූරයන් ලෙස අර්ධ අවසන් වටයට එක්වූ යාපනය සාන්ත ජෝන් විදුහල එහිදී අනුරාධපුර මධ්‍ය විදුහල පරදවා මේ තරගයට එක් විය.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් පිල ලක්ෂිත උදේෂ් විසින් ද සාන්ත ජෝන් විදුහල නේසකුමාර් එබනේසර් ජෙසියල් විසින් මෙහෙයවනු ලබති.