Saturday, May 10, 2025
Home » ආරා­ධිත කාන්තා ක්‍රිකට් කිරුළ ගුවන් හමු­දා­වට

ආරා­ධිත කාන්තා ක්‍රිකට් කිරුළ ගුවන් හමු­දා­වට

by Gayan Abeykoon
December 9, 2023 1:13 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩිකාවන් වෙනුවෙන් සංවිධාන කළ ප්‍රධානතම තරගාවලිය වන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාව සමත් විය.

ඊයේ බීආර්සී පිටියේ පැවති අවසන් තරගයේදී ගුවන් හමුදාව හමුවේ යුද හමුදා පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 11කින් පරාජයට පත් විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් යුද හමුදා පිල කඩුලු 8ක් දැවී ලකුණු 154ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ගුවන් හමුදාව ඕවර 38කදී කඩුලු 3කට ලකුණු 110ක් රැස් කර තිබියදී අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළහ.

ජයග්‍රාහකයන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තෝරා ගැනීමට කටයුතු කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුවන් හමුදාව ඕවර 38කදී රැස් කළ තිබිය යුතු වූ ලකුණු සංඛ්‍යාව 99ක් විය. ඕෂදී රණසිංහ නොදැවී ලකුණු 34ක් සහ සඳුනි අබේවික්‍රම නොදැවී ලකුණු 31ක් රැස් කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළ අතර, චමරි පොල්ගම්පොළ ලකුණු 26ක් ඉනිමට එක් කළාය.

පළමුව පන්දුවට පහර දුන් යුද හමුදාව වෙනුවෙන් ලකුණු 72ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට නිලක්ෂි ද සිල්වා සමත් වූවාය. ලකුණු 14කට කඩුලු 3ක් අහිමිව තිබියදී ඉනිම ගොඩනැඟීමට එක් වූ ඇය පන්දු 105කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළාය. 7 වැනි කඩුල්ල ලෙස නිලක්ෂි දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 136ක් විය. රොෂිනි පෙරේරා ලකුණු 23ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී ඕෂදී රණසිංහ කඩුලු 3ක්, මල්ෂා ෂෙහානි සහ ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්හ.

යුද හමුදාව – 154/8 (ඕවර 50) නිලක්ෂි ද සිල්වා 72, රොෂිනි පෙරේරා 23 (ඕෂදී රණසිංහ 20/3, මල්ෂා ෂෙහානි 23/3, ඉනෝෂි ප්‍රනාන්දු 25/2)

ගුවන් හමුදාව – 110/3 (ඕවර 38) ඕෂදී රණසිංහ නොදැවී 34, සඳුනි අබේවික්‍රම නොදැවී 31, චමරි පොල්ගම්පොළ 26

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT