Sunday, May 11, 2025
Home » ශ්‍රී ලංකාව පළමු තරගය ජය ගනියි

ශ්‍රී ලංකාව පළමු තරගය ජය ගනියි

by chanaka
December 9, 2023 9:38 pm 0 comment

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ සහභාගී වු පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත්විය.

ඒ, ජපාන කණ්ඩායමට එරෙහිව කඩුලු 07ක ජයක් වාර්තා කරමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජපාන කණ්ඩායමට පන්දුවාර 30යි පන්දු 03ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 75ක් පමණි.

එහිදී මල්ෂ තරුපති කඩුලු 03ක් සහ ගරුක සංකේත් කඩුලු 02ක් දවා ගත්තේය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 76ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 02ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT