Saturday, May 10, 2025
Home » විදුලිය බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් – සිදු වූ අපහසුතාවලට CEB කණගාටුව

විදුලිය බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් – සිදු වූ අපහසුතාවලට CEB කණගාටුව

by chanaka
December 10, 2023 9:38 am 0 comment

දිවයින පුරා බිඳ වැටුණු විදුලි සැපයුම අදියර කිහිපයක් යටතේ ඊයේ(09) රාත්‍රියේ යථා තත්ත්වයට පත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

පැය 05ක පමණ කාලයක් තුළ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා කීය.

කොත්මලේ සිට බියගම දක්වා දිවෙන රැහැන් පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ හදිසියේ විදුලිය බිඳ වැටුණි.

කෙසේවෙතත් අදියර කිහිපයක් යටතේ දිවයින පුරා විදුලි සැපයුම ලබා දීමට හැකි වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරයි.

මේ අතර, දිවයින පුරා විදුලිය බිඳ වැටීම හේතුවෙන් සිදු වූ අපහසුතාව පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන්ට කණගාටුව ප්‍රකාශ කර සිටි.

එම අසීරු අවස්ථාවේ පාරිභෝගිකයින් මනා සංයමයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම නිසා සිය කාර්යය මණ්ඩලයට විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT